Friday, April 26, 2024

General line - 0115112241

මාලඹේ ‘SAITM’ තුළින් අස්ථි කොටස් 26 ක් සොයාගැනේ




මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂාවේදී අස්ථි කොටස් 26 ක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ පළමු මරණ පරික්ෂණය අතරතුර මෘත ශරිරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද (03) එහි ගොස් තිබුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවයි.

තාජුඩීන්ගේ දේහය පිළිබද පළමු මරණ පරීක්‍ෂණය සිදුකරනු ලැබ ඇත්තේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසින්. ඔහු මේ වනවිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කරනවා.

කෙසේ වෙතත් මෙම සොයා ගත් අස්ථි කොටස් කුමණ පුද්ගලයින්ට අයත්ද කෙසේ ගෙනවිත් තිබුණේද යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ සිදු කර නැහැ.