Friday, April 26, 2024

General line - 0115112241

තවත් මහාපරිමාණ කුඩු ජාවාරමක් හෙළිවෙයි




විදේශිකයින් සමග ඒකාබද්ධව සිදුකෙරුණු තවත් මහාපරිමාණ මත්කුඩු ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් වී තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයෙකු සහ ශ‍්‍රී ලාංකිකයෙකු දෙහිවල ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කෙරුණු වැටලීමකින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් ළඟ තිබී කොකේන් වර්ගයේ මත්කුඩු කිලෝග‍්‍රෑම් 1 ක් ද සොයාගෙන තිබෙනවා. ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු අනුව තවත් කොකේන් කිලෝග‍්‍රෑම් එකක් පසුව සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයා පදිංචිව සිටි රත්මලාන ප‍්‍රදේශයේ නිවසක එම කොකේන් තොගය සඟවා තිබුණා. අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයා කොලොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග යටතේ ඔවුන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කෙරෙනවා.