Friday, April 26, 2024

General line - 0115112241

බීමත්ව රිය පදවා 1,34,000ක් දඩ කති




බීමත්ව රිය පැදවීමේ වරදට රියදුරන් 16 දෙනෙකුට රුපියල් එක්ලක්ෂ තිස් හතර දහසක දඩයක් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ අතරින් 12 දෙනෙකුට රුපියල් හත්දහස බැගින් දඩ නියම කෙරුණු අතර ඔවුන්ගේ රියදුරු බලපත‍්‍රය මාස 3ක කාලයකට අත්හිටුවීමටයි ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් ලලිත් කන්නන්ගර නියෝග කළේ. රියදුරු බලපත‍්‍රයක් නොමැතිව බීමතින් රිය පැදවූ රියදුරන් 4 දෙනෙකුට රුපියල් දොළොස් දහස් පන්සීය බැගින් වූ දඩයක් මෙහිදී නියම කර තිබෙනවා.