Friday, April 26, 2024

General line - 0115112241

දුම්රියට අදත් ගල් ප්‍රහාරයක්




කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියකට කඩිගමුව දුම්රිය ස්ථානයට ආසන්න සංඥා හුවමාරු මධ්‍යස්ථානය අසලදී ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම දුම්රියේ නියාමකවරයා මහනුවර දුම්රිය ස්ථානයට පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම ගල් ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ පස්වරුවේ ධාවනය වූ නගරාන්තර සීග‍්‍රගාමී දුම්රියකටයි. පුද්ගලයින් තිදෙනෙකු ගල් ප‍්‍රහාරය එල්ල කර පලාගිය බවද දුම්රිය නියාමකවරයා පැමිණිලි කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. කෙසේ වෙතත් එහිදී මගීන්ට අනතුරක් සිදුවී නැහැ.