Friday, April 26, 2024

General line - 0115112241

යහපාලන ආණ්ඩුවේ ගැටළු ගැන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කතාකරයි




ජනාධිපතිවරයා ඉකුත් දා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මාධ්‍ය වෙත අද (16) අදහස් පළ කළා. ඒ, දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුවේ අලුත් දේශපාලන සංස්කෘතිය තුළ සියළුදෙනාට ගැටළු තිබෙන බවයි.

යහපාලනය මුල්කරගෙන කවුරුන් හෝ වැරදි සිදු කරනවනම් ඔවුන්ට ඉඩ නොදිය යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ද මෙහි දී මාධ්‍යවේදීන් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා නිවරැදි වේලාවට නිවරැදි තීන්දුව ගනු ඇති බවයි.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

එම අවස්ථාවේ දී හිටපු අග‍්‍රාමාත්‍ය දී. මූ. ජයරත්න ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.