Friday, April 26, 2024

General line - 0115112241

යතුරුපැදි හිස්වැසුම්වල ප‍්‍රමිතිය ගැන බරපතල ගැටළුවක්




වෙළඳපොලේ අලෙවි කිරීමට ඇති සියලු යතුරුපැදි හිස්වැසුම් ප‍්‍රමිතියෙන් තොර බව අනාවරණ වී තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සිදු කළ සමීක්ෂණයකදීයි.

අලෙවි කරන යතුරුපැදි හිස්වැසුම් සඳහා එස්.එල්.එස්. ප‍්‍රමිති සහතිකය ලබා ගැනීම සැප්තැම්බර් පළමු වැනිදා සිට අනිවාර්ය කෙරුණා.

එහෙත් මේ දක්වා කිසිදු ආයතනයක් ප‍්‍රමිති සහතිකය ලබාගෙන නැහැ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටී. ජී. ගාමිණී ධර්මවර්ධනගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

දැනට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති සමාගම්වල හිස් වැසුම් නිෂ්පාදනයන්හි ගුණාත්මක භාවය තවදුරටත් පරීක්ෂා කරන බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියා.