Friday, April 26, 2024

General line - 0115112241

සිරුර ගොඩ ගත්තේ පොලිසියේ වරදක් නිසාලු (UPDATE)




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමා විසින් බවට ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මේ වන විට ගොඩ ගෙන තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව  ගොඩ ගැණුනු සිරුර කෑගල්ල මහරෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මිහිදන් කර තිබුණේ කෑගල්ල පුවක්දෙණිය පොදු සුසාන භූමියේයි. දිවි නසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණේ නැහැ.

එම නිසා ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා සිරුර ගොඩගත් බවයි වාර්තා වන්නේ.

02 03 10 11 1217001

 


ලසන්ත ඝාතනය කළ බව කියූ විශ්‍රාමික හමුදා නිළධාරියාගේ සිරුර ගොඩගැනීමට සූදානම්

(Oct 19, 2016 @ 14:50)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බව පවසමින් පසුගිය (14) වන දා සියදිවි නසාගත් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර අද (19) ගොඩ ගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඔහුගේ සිරුර පසුගියදා කෑගල්ල පුවක්දෙණිය සුසාන භූමියේ භුමිදාන කෙරුණා.