Friday, April 26, 2024

General line - 0115112241

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල ලෙස පිහිට වූ ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) තීන්දු කළා.

මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළේ රජයේ වාහන අවභාවිතය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සරත් වීරවංශට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදියි.

එහිදී විත්තියේ නීතිඥවරයා පැවසුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල පොලිස් ආයතනයක් නොවන බවයි.

විත්තියේ තර්කය ප‍්‍රතික්‍ෂේප කළ මහේස්ත‍්‍රාත්වරිය පැවසුවේ පොලිස්පතිවරයා විසින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇති මෙම එ්කකය පොලිස් ස්ථානයක් ලෙස පිළිගත හැකි බවයි.

එ් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල එ්කකයක් ලෙස පිළිගත හැකි බවයි මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කියා සිටියේ.