Friday, April 26, 2024

General line - 0115112241

කෝප් වාර්තාව නිසා මැතිසභය උණුසුම් වෙයි




කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති වුණා. ඒ, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති අදාළ වාර්තාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප‍්‍රකාශ කිරීමත් සමගයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීමේ මෙහෙයුමක් පවතින බව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙහි දී සඳහන් කළා.

කෝප් කමිටුවේ සංයුතිය පිළිබඳ මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා විසින් විවේචනය කිරීමද සිදු වුණා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

අනතුරුව විවාදයට එක් වූයේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායකයි. එහිදී ඔහු සඳහන් කළේ කුමක් වුවද කෝප් සභාව විසින් සම්මත කර අනුමත කරන ලද වාර්තාව විදිමත් පරිවර්තනයන් සමග ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට බැඳී සිටින බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද විවාදයට එක්වූයේ පාර්ලිමේන්තුව උණුසුම් කරමින්. එහිදී අගමැතිවරයා සඳහන් කළේ කෝප් කමිටු සභාපතිවරයා සිදු කරන කාර්ය ඉතා බැරෑරුම් බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)