Friday, April 26, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් වැඩසටහනට සමගාමීව විශේෂ දේශනයක් (UPDATE)




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන්ගේ දෙමව්පියන් වෙනුවෙන් සංවිධාන කළ විශේෂ දේශනය අද (30) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, මහනුවර අලවතුගොඩ සරත් ඒකනායක ප‍්‍රාථමික විද්‍යාලයේයි. මෙම දේශනය සිදු කළේ නෙත් එෆ්. එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරියයි.

14872576_10211126592987022_537646687_n 14874905_10211126594427058_1934627286_n 14875294_10211126601867244_2015662600_n 14877180_10211126592387007_1890931575_n 14877289_10211126587586887_1211580403_n 14877677_10211126598147151_1885594428_n 14877920_10211126593427033_1328812706_n 14886288_10211126591026973_1985232892_n 14914816_10211126595387082_963362826_n


යූ ආර් අ ලීඩර් තුන්වන දිනය අදයි

(Oct 30, 2016 @ 08:00)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් අද (30) ආරම්භ වනවා.

එහි පළමු වැන්න සිදු වන්නේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේදීයි. පසුව සවස 5.30 ට ඓතිහාසික යටිහෙලගල රජමහා විහාරස්ථානයේ දී ද විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

(ඒ පිළිබඳ අදහස් දැක් වූ රජමහා විහාරාධිවාසී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්.)

මේ අතර මහනුවර අම්පිටිය බෙරවට්ස් විද්‍යාලයේදී පැවැත්වෙන 11 වන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය අදයි.

(ඊයේ දිනයේ තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.)

 

30 31 33 35 36 37 39 41 42 43 45 46 50 51 53 55 56 57 58 59 60 61 62 63 65 66 123


 

යූ ආර් අ ලීඩර් වැඩසටහනේ වර්ෂ පූර්ණයට සමගාමීව විශේෂ ආගමික වැඩසටහන්

(Oct 29, 2016 @ 20:00 )

මහනුවර අම්පිටිය බෙරවට්ස් විද්‍යාලයේ දී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අද (29) සාර්ථකව අවසන් වුණා.

කඳවුරට සහභාගී වූ දරු දැරියන් න්‍යායික සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් රැසකට සහභාගී වී සිය නායකත්ව කුසලතා වර්ධනය කර ගත්තා.

මේ අතර නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ වර්ෂ පූර්ණයට සමගාමීව විශේෂ ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබෙනවා.

එම කටයුතු ආරම්භ වන්නේ මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවෙන්. පසුව හෙට (30) සවස 5.30 ට ඓතිහාසික යටිහෙලගල රජමහා විහාරස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වෙනවා.

ඊට සහභාගී වන ලෙස පිං කැමති ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.

50 51 53 54 55 56 57 59 60 61 62 64 65 66 67 68 69 70 71 73 75


යූ ආර් අ ලීඩර් දෙවන දිනය අදයි

Oct 29, 2016 @ 08:25

11වන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අදයි.

මහනුවර අම්පිටිය ඛෙරවඩ්ස් විද්‍යාලයේදී මෙය පැවැත්වෙනවා.

එම වැඩමුළුවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-4 unnamed-5 unnamed-6 unnamed-7 unnamed-8 unnamed-9 unnamed-10 unnamed-11 unnamed-12 unnamed