Friday, April 26, 2024

General line - 0115112241

ජනපති කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥධාතුන් වහන්සේ වැඳ පුදා ගනී (PHOTOS)




ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) රාත‍්‍රියේ දිවයිනට පැමිණියා. ඒ, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින්.

ඉන්දියාවේ පැවති දුම්කොළ භාවිතය පාලනය සම්බන්ධයෙන් වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ සමුළුව ඇමතීමටයි ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයේ නිරත වුණේ.

සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි ද හමු වී සාකච්ඡා පැවැත්වුවා.

මේ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (07) පස්වරුවේ ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර ශී‍්‍ර සර්වඥධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස ඉන් අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ ඉන්දියානු මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානය වෙතයි.

මල් පහන් පූජා කර ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිතුමා විහාරස්ථාන පරිශ‍්‍රයේ ඇති අනගාරික ධර්මපාල පිළිරුවට ද මල් දමක් පළඳවා පුෂ්පෝපහාර දැක්වූවා.

නවදිල්ලි නුවර වාසය කරන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කථා බහක නිරත වුණා.

02-5-1140x843 03-4-1024x757 04-4-1024x697