Friday, April 26, 2024

General line - 0115112241

ලක්ෂ 05ට අඩු ණය ‘ක්‍රිබ්’ නොයන යෝජනාව රටට අහිතකරයි ලු




රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් බදු සංශෝධන සිදු කරනවා සේම මූල්‍ය වැරදි සම්බන්ධයෙන් නීති වඩා ශක්තිමත් කළ යුතු බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දෙනවා.

ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අයවැය සම්බන්ධයෙන් කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක දී මෙම අදහස් පළ කෙරුණා.

එහිදී නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ මූල්‍ය හැසිරවීමට සිදුවන දේශපාලන බලපෑම් ද නතර විය යුතු බවයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යා අධිපතිවරයෙකු වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ද මෙම සම්මන්ත‍්‍රණයට එක්ව සිටියා. මෙවර අයවැයෙන් බැංකු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා රටට අහිතකර බවයි ඔහු කියා සිටියේ. රුපියල් ලක්ෂ පහට වඩා අඩු ණය, ණය තොරතුරු කාර්යංශයේ හෙවත් ‘ක‍්‍රිබ්’ (CRIB) දත්තවලට ඇතුළත් නොකිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව ඊට උදාහරණයක් ලෙස විස්තර කෙරුණා.

කිසියම් බැංකුවක් ලබාදෙන ණයවලින් සියයට 15 ක් එම බැංකුව පිහිටි ප‍්‍රදේශයේම ගනුදෙනුකරුවන්ට ලබාදිය යුතු බවට ඉදිරිපත් කර ඇති යෝජනාවද මෙහි දී විවේචනය කෙරුණා. මෙමගින් බැංකු කළමනාකරුවන් සිය හිතවතුන්ට ණය දීමට වැඩි පෙළඹවීමක් ඇති කරන බවයි වැඩිදුරටත් විස්තර කෙරුණේ.