Friday, March 29, 2024

General line - 0115112241

අඩි 80ක් උස කුඹුක් ගසක් පෙරලී නිවසකට හානි (PHOTOS)




මතුගම බණ්ඩාරනායක මාවතේ තිබූ අඩි 80ක් පමණ උස කුඹුක් ගසක් පෙරලීමෙන් නිවසකට හානි සිදුව තිබෙනවා.

පැවති වැසි සහිත කාලගුණික තත්වයත් සමග ගස කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මතුගම ප‍්‍රාදේශීය සභාවට අයත් බව කියන ඉඩමක මෙම ගස පිහිටා තිබූ බවයි පැවසෙන්නේ.

මෙම ගස හේතුවෙන් අසල නිවාසවලට අනතුරුදායක බවට මීට පෙර නිවැසියන් විසින් බලධාරීන් දැනුවත් කරනු ලැබ තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගස පෙරලීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. මතුගම ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් යොදා ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008