Friday, January 10, 2025

General line - 0115112241

ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්

රංජිත් රාජපක්ෂ




එළඹෙන තෛපොංගල් දින උත්සවයට නාඩු සහ රතු සහල් පාලන මිලට අලෙවි කිරිමට ලබාදෙන ලෙස බලකරමින් ආගරපතන මන්රාසි නගරයේදි සියලු ආගම් නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. 

ඊට ආගරපතන, මන්රාසි සහ ඩයගම යන නගරවල වෙලෙදුන් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී වෙලෙදුන් චෝදනා කර ඇත්තේ රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් මෝල් හිමියන් විසින් තමන්ට සහල් තොග නිකුත් කරන බවයි.

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැටලිම් සිදු කර තමන්ව අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, එවිට තමන්ට විශාල දඩ මුදලක් ගෙවිමට සිදු වන බවත් ඔවුන් පෙන්වා දුන්නා. 

එමෙන්ම තෛපොංගල් උත්සවයට රතු සහලින් කිරිබතක් පිළියෙල කිරිමට දෙමළ ජනතාවගේ චාරිත්‍රයක්. 

ඒ වෙනුවෙන් පාලන මිලට සහල් අළෙවි කිරීම සදහා හැකිවන පරිදි තමන් වෙත සහල් ලබාදෙන්නැයි එම ව්‍යාපාරිකයන් ඉල්ලීමක් කළා.

මේ අතර බහාලුම් රථ 1,000කට ආසන්න ප්‍රමාණයක් වරාය තුළ සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. 

නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය හේතුවෙන් එලෙස බහාලුම් ප්‍රවාහන රථ වරායේ සිරවී ඇති බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ.