Friday, April 26, 2024

General line - 0115112241

බඩු මිල අඩුකරන්න ආණ්ඩුව ජාත්‍යන්තර සහය පතයි




අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් හෙට (12) දිනයේ ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් හෝ 12 ක් සඳහා උපරිම මිලක් නියම කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

මේ අතර භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් ජීවන වියදම් කමිටුවේ සාමාජික අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් විමසීමක් කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ රටට ආනයනය කෙරෙන භාණ්ඩවල මිල පාලනයක් ඇති කිරීමටත් කටයුතු කළ යුතුව ඇති බවයි. අතරමැදියා හේතුවෙන් භාණ්ඩ මිලට සිදු වෙන බලපෑම කෙරෙහිද අවධානය යොමු කරන බවත් පැවසුවා. අවශ්‍යතාව අනුව භාණ්ඩ පිටරටින් ගෙන්වා හෝ සහන මිලට ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළා.