Friday, April 26, 2024

General line - 0115112241

පහන් දල්වා මහවිරු දිනය සමරයි (PHOTOS)




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හා ආචාර්යවරුන් පිරිසක් අද (25) දහවල් යාපනය විශ්ව විද්‍යාලය තුළදී මහවිරු සැමරුමක් සිදු කළා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයේ කෛලාසපති ශාලාවට එක් වූ සිසුන් සහ දෙමාපියන් පහන් සහ ඉටිපන්දම් දල්වා මහවිරු සැමරුම සිදු කළ බවයි. විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් පිරිසක්ද ඊට එක්ව තිබෙනවා.

‘‘මහවිරු සැමරුමට සියලුදෙනා එක්වෙමු’’ යනුවෙන් සඳහන් කරමින් ඊයේ (24) රාති‍්‍රයේ යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගොඩනැගිලිවල පෝස්ටර්ද අලවා තිබුණා. විශ්ව විද්‍යාල තුළ ඇති විශාල ප‍්‍රමාණයේ ගස්වලද එම පෝස්ටර් අලවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් මහවිරු සති සැමරුමක්ද නම් කෙරුණා. කෙසේ වෙතත් හෙට (26) දිනය විශ්ව විද්‍යාල නිවාඩු දිනයක් බැවින් මහවිරු සැමරුම අද (25) සිදු කළ බවයි විශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

433hdhg333001 433hdhg333002 433hdhg333003 433hdhg333004 433hdhg333005 433hdhg333006