Friday, April 26, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයක් පොලිස්පතිගේ අවධානයට




සීතාවක ගෙඟ් නීති විරෝධීව මැණික් ගැරීම සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින් ඊයේ (11)කෙරුණු අනාවරණයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම මැණික් ගැරීම සඳහා සහාය ලබාදෙන බවට කිරිඳිවැල පොලිසියට ද චෝදනා එල්ල වුණා.

පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් සිය සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කිරිඳිවැල පොලිසියේ නිලධාරීන් 4 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් සාක්ෂි පවතින බවයි.

බැලුම්ගල වැඩසටහන පහතින් අහන්න