Friday, April 26, 2024

General line - 0115112241

පළාත් සභාවට බලය දෙන්න – විග්නේෂ්වරන්ගෙන් ඉල්ලීමක්




පළාත් සභා වෙත බලතල පැවරීම ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් ගැටළු රැසක් උද්ගත වන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු සඳහන් කළේ ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය වෙත පවරා ගැනීම තුළින් මෙම ගැටළුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකි බවයි.

ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මධ්‍යම රජය සතු බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීම තුළින් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතින බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරායා වැඩිදුරටත් පැවසුවේ.