Friday, April 26, 2024

General line - 0115112241

රියදුරු හදිසියේ අසනීප වෙයි – ඩිපෝ කළමනාකරු රියදුරු වෙයි (VIDEO)




තමන්ට පැවරෙන රාජකාරීය පවා අතපසු කරන ඇතැම් පුද්ගලයින් අතරේ සමාජයට සිදුවන සේවය පිළිබඳ සලකා තමන්ට පැවරී නොමැති රාජකාරියක් ඉටු කළ පුද්ගලයෙකු නෙත් නිවුස් වෙත මුණ ගැසුනා. ඔහු දඹුල්ල ඩිපෝවේ ඩිපෝ කළමනාකරු ඒ. එන්. නවරත්නයි. ‍

දඹුල්ල සිට හෙට්ටිපොල දක්වා ධාවනය වන බස් රථයේ රියදුරු හදිසියේ අසනීප වී සේවයට වාර්තා කර නැහැ.

අමතර රියදුරන් ද ඒ අවස්ථාවේ ඩිපෝවේ සිටියේ නැහැ. මේ හේතුවෙන් මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්වන බව තේරුම්ගත් ඩිපෝ කළමනාකරු බස් රථය ධාවනය කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා.

එක් ගමන් වාරයක් නිමකර ඊළඟ ගමන් වාරයට සූදානම් වී සිටි අවස්ථාවේ නෙත් නිවුස් ඔහු සමඟ කතා කළා. එම වීඩීයෝව පහතින් දැක්වේ.

bus-www-nethnews-lk001 bus-www-nethnews-lk002 bus-www-nethnews-lk003