Friday, April 26, 2024

General line - 0115112241

නාවික හමුදාපතිගේ අතීතය ගැන කරුණු පහදයි




මාධ්‍යවේදියෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී සිටින නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යුද සමයේ දී සුවිශේෂි මෙහෙවරක් කළ හමුදා සාමාජිකයෙකු බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

එල්. ටී. ටී. ඊ සංවිධානයේ පාවෙන අවි ගබඩාව විනාශ කළ 2007 වසරේ දී, ඔහු නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස සුවිශේෂි කාර්යභාරයක් කළ අයෙක්.

එල්. ටී. ටී. ඊ සංවිධානයේ මරාගෙන මැරෙන කුඩා යාත‍්‍රාවන්ට පහරදීම සඳහා බිහි කළ විශේෂ යාත‍්‍රා බලඝණය ඔහුගේ සංකල්පයක්.

හමුදා සේවයේ දී සිදු කළ නිර්භීත ක‍්‍රියා හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණරත්නට විරෝධාර විභූෂණ, රණවික‍්‍රම ඇතුළු පදක්කම් රැසක් හිමි වුණා.