Friday, April 26, 2024

General line - 0115112241

රුසියානු හිතවාදියෙක් අමෙරිකාවේ රාජ්‍ය ලේකම් වෙන ලකුණු




මීළඟ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් පත්කරන බව අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

රෙක්ස් ටිලර්සන් අමෙරිකාවේ ප‍්‍රමුඛ ආයතනයක් වන එක්සන් මොබිල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයායි.

64 හැවිරිදි වියේ පසුවන ටිලර්සන් විශිෂ්ට ව්‍යාපාරිකයෙකු ලෙසයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් හඳුන්වා දී ඇත්තේ.

ඔහු රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් සමග සමීප සබඳතා පවත්වන්නෙකු බවද විදෙස් වාර්තාවල සඳහන්.