Friday, April 26, 2024

General line - 0115112241

නාමල් මෝරෙක්දැයි මහින්ද අහයි




කාලීන දේශපාලන හා ආර්ථික ගැටලු කිහිපයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (13) සිය ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මෝරෙකු අල්ලා ගැනීමක් නොවන බවත් නාමල් අල්ලා ගන්නා බව ඊට පෙර දවසේ ඇමතිවරයා තීරණය කර අති බවත් පැවසුවා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලය වෙත අද පැමිණ සිටියා. මාධ්‍යවේදීන් ඔහුගෙන් ද ප‍්‍රශ්න කිරීමට උත්සහ කළත් ඔහු එම අවස්ථාව මගහැර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකාරිණී තිළිණි පෙරේරා පැවසුවේ.