Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුවේ තවත් බලාපොරොත්තුවක් ඉටු වෙයි




මෙරට තුළ නව ආයෝජන අවස්ථා පුථල් කරමින් කුලියාපිටිය, ලබුයාය, මහනුගලන්දවත්ත ප්‍රදේශයේ ඉදිකෙරන වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ සිදු වුණා.

ඉකුත් මැතිවරණ සමයේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවකට අනුව ඉදිකෙරෙන මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් වසර දෙකහමාරක් තුළ අවසන් කිරීමට නියමිතයි.

ජර්මන් රජය විසින් ඒ සඳහා සිදුකර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5 ක්.

මෙම ව්‍යාපෘතිය මගින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ද නියමිතයි.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, අකිල විරාජ් කාරියවසම් ද, වෙස්ටන් ඔටෝමෝබයිල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රීසා රවුෆ් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

01 02 03 04 05 06 07