Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රියා සූරියසේනගේ සුව දුක් බලන්න ඇමති විදුර යයි 




අතිශය ජනප්‍රිය ගීත ගණනාවක් රසික හදවත් තුළට තිළිණ කළ මේ  වන විට රෝගාතුරව සිටින ප්‍රවීණ ගායනවේදී ප්‍රියා සූරියසේනගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

ඔහු ඈත රන්විමන්, මට වාසනා, ආදරණීය නේරංජනා, හෙට දවසේ, සුදු පරවි රෑන සේ, මොහොතක සුව දෙන, හිරු ද මුවා වී, රටකින් එහා, හදවත ඉල්ලා, මගේ ළමැඳ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රසික හදවත් තුළට තිළිණ කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වෙනවා.

ගුරුවරයකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ප්‍රියා සූරියසේන දරුවන් දහස් ගණනක් දැනුමින් පෝෂණය කළා සේම ගීතයට ප්‍රිය කරන සියළු ලාංකේය හදවත් රසවත් කළ සොඳුරුතම සංගීතවේදියෙක් වූ ප්‍රියා සූරියසේන දශක ගණනාවක සිට සිය නිර්මාණ වෙනුවෙන් විවිධ වූ සම්මාන ඇගයුම් ලබමින් අදටත් සංගීත අඹරේ දිදුලන තාරකාවක් සේ බැබලෙමින් වැඡඹෙන කලාකරුවෙකි.