Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානුවන් ලකුණු 282කින් ශ්‍රී ලංකාව පරදවයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 282ක ජයක් අත්වුණා.

අද සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවුයේ ලකුණු 224ක් පමණයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට ලකුණු 507 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 392ක් ලබාගත් අතර දෙවන ඉනිම කඩුලූ 7 ක් දැවී ලකුණු 224 ක් ලබාසිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110 ක් පමණයි.