Friday, April 26, 2024

General line - 0115112241

සුරංග ලක්මාල්ට “වාස්” ව පසු කරන්න හෝ සම කරන්න අවස්ථාවක්




ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස්ගේ වාර්තාවක් බිඳ හෙළීමට හෝ සම කිරීමේ අවස්ථාවක් වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබෙනවා.

ඒ, ටෙස්ට් තරගාවලියක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ ශ‍්‍රී ලංකා වේගපන්දු යවන්නා බවට පත්වෙමින්.

දකුණු අප‍්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් වූ තරග දෙකේදී සුරංග ලක්මාල් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 12 ක්.

තරගාවලියට තවත් එක් තරගයක් ද ඇතුළත්. මීට පෙර චමින්ද වාස් 1995 වසරේ දී නවසීලන්තයට එරෙහිව කඩුලු 16 ක් දවාගෙන මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. ඔහු එම දස්කම දැක්වූයේ ටෙස්ට් තරග දෙකක දී පමණක් වීමද විශේෂත්වයක්.