Friday, April 26, 2024

General line - 0115112241

බුර්කාව නිෂ්පාදනය සහ ආනයනය තහනම් කරන්න රටක් තීරණය කරයි




ඉස්ලාම් කාන්තාවන් විසින් අඳිනු ලබන බුර්කාව නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝව පියවර ගෙන තිබෙනවා.

වෙළෙඳසැල්වල දැනට තිබෙන බුර්කා තොග අවසන් කිරීම සඳහා පැය 48 ක කාලයක් ව්‍යාපාරිකයින්ට ලබා දී ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

ආරක්ෂක කරුණු සැලකිල්ලට ගනිමින් මොරොක්කෝව මෙම තීරණයට එළැඹ ඇතැයි විචාරකයින් පවසනවා.

කෙසේ වෙතත් නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කළ ද බුර්කාව භාවිතය තහනම් කිරීමට මොරොක්කෝව කටයුතු කරන්නේදැයි තවමත් පැහැදිලි නැහැ.