Friday, April 26, 2024

General line - 0115112241

පොහොය දා වැලිගමින් මතුවූ ආවේණික සත්ත්ත්ව ජාවාරම (PHOTOS)




පොහොය දා නීති විරෝධි ආකාරයට ලංකාවට ආවේණික වු සර්පයන් රැසක් රඳවා ගෙන සිටි පුද්ගලයෙක් හා සතුන් රැසක් අත්අඩංගුවට ගැනීමට වන ජිවි දෙපාර්තුමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය සමත් වී තිබෙනවා.

මේ පුද්ගලයා වැලිගම,උඩුකාව ප්‍රදේශයේදී විදේශිකයන්ට මෙම සතුන් අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

සිංහරාජය හා ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින සර්පයන් ගෙනවිත් මෙලෙස අලෙවි කරමින් සිට ඇති බවයි වන ජිවි දෙපාර්තුමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේ.

මිරිස්ස සංචාරක පුරවරය පැමිණෙන විදේශිකයන් ඉලක්ක කර ගෙන මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දුර්ලභ ගණයේ දිවිමකුලුවන් වැනි  සතුන් හා සර්පයන් මොහු විසින් අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

unnamed (2) unnamed (3) unnamed (4)