Friday, April 26, 2024

General line - 0115112241

පොළොන්නරුවට 2018දී ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක්




අංග සම්පූර්ණ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

එම ප‍්‍රදේශයේ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමි ප‍්‍රමාණයක් ඒ සඳහා තෝරා ගෙන ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

කි‍්‍රකට් කි‍්‍රඩාංගණය ඉදිකිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 60ක්. තිලංග සුමතිපාල මහතා ඉකුත්දා එම ප‍්‍රදේශයේ නිරික්ෂණයකද නිරත වූ අතර ඔහු එහිදී සඳහන් කළේ 2018 වසරේදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවයි.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම, දකුණු අප‍්‍රිකාව හමුවේ ලද ටෙස්ට් පරාජය පිළිබඳවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලින් හිදි ශී‍්‍ර ලංකාව වැඩි දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කරන බවද තිලංග සුමතිපාල මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

16111978_10211928970045947_1725567624_n 16118473_10211928970005946_164835106_n