Friday, April 26, 2024

General line - 0115112241

මොරගහකන්ද මහා ජලකඳට යටවන පාසලක දරුවන් තැබූ සංවේදී සටහන් (PHOTOS)




මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කෙරෙන ගම්මාන අතරේ කඹරව ගම්මානය ද මහා ජලකඳට යට වනවා.

ඒ හේතුවෙන් කඹරව ගම්මානයේ ජනතාව මේ වන විට සිය ගම්බිම් අතහැර ගොස් සිටිනවා.

වසර ගනනක් සිප්සතර හැදැරූ කඹරව කනිෂ්ඨ විද්‍යාලය ද මේ වන විට නටඹුන් ගොඩක් බවට පත්ව තිබෙනවා.

ජාතික තලයට බොහෝ දරුවන් රැගෙන ගිය කඹරව පාසලේ බිත්ති මත අවසන් මොහොතේ සිසු දරුවන් විසින් තැබූ සංවේදී සටහන් කිහිපයක් මෙසේ අප කැමරාවේ සටහන් ව තිබුණා.

‘‘කුරිරු ජල කඳ අපිව වෙන් කලා’’  කාටත් වඩා මම ඔයාට ආදරෙයි – මගේ පාසල’’
‘‘සමු අරන් යන්න සිදුවුනත් තාම අපේ පාසල අමතක නොවේ’’ “සර්ලත් අපිව දාලා ගියා දුකයි”  ආදී වශයෙන් සිසු දරුවන් තැබූ බොහෝ වැකි ඒ අතර වනවා.

20161231_113545 20161231_113601 20161231_113610 20161231_113624 20161231_113639 20161231_113645 20161231_11364920161231_113816 20161231_113857 20161231_114005 20161231_115023 20161231_115627