Saturday, May 11, 2024

General line - 0115112241

මංගලාරාමයට ෆේස්බුක් ආධාර (PHOTOS)




මඩකලපුව දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති ගම්මානවල ජීවත්වෙන පවුල්වලට බෙදාදීම සඳහා වියලි ආහාර , රෙදිපිළි සහ ඇස් කණ්නාඩි තොගයක් ප්‍රංශයේ පදිංචි මනෝරි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට පරිත්‍යාග කර තිබෙනවා.

මුහුණු පොතේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමදුව , කුන්කුනාව ආදී ගම්මානවල ජනතාව පත්ව සිටින වර්තමාන තත්ත්වය පිළිබඳව හෙළිදරව් කිරීමත් සමග මේ දානපතියන් ගේ අවධානය යොමුවී ලංකාවට පැමිණ මඩකලපුව මංගලාරාමයට ගොස් මෙම ආධාර ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ තම දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානවල ජිවත්වන ජනතාවට සේවය කිරීම තම අරමුණු බවත් ඔවුන්ට රජයේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය නොලැබෙන නිසා ජනමාධ්‍ය හරහා දානපතියන් බොහෝදෙනකු එක්ව එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටින බවයි.

ඒ සදහා මාධ්‍යවේදීන්ගෙන් විශාල පිටුවහලක් වූ බවයි උන්වහන්සේ පවසා තිබෙන්නේ.

mangalaramaya www.nethfm.com1 mangalaramaya www.nethfm.com2 mangalaramaya www.nethfm.com3 mangalaramaya www.nethfm.com4 mangalaramaya www.nethfm.com5 mangalaramaya www.nethfm.com6 mangalaramaya www.nethfm.com7

සබැඳි පුවත්

ජනපතිගේ නම සඳහන් සමරු ඵලකය මංගලාරාමයේ විහාරාධිපති හිමියන් විසින් කඩා දමයි (PHOTOS)

මංගලාරාමයේ සිද්ධිය ගැන ජනපති පාර්ශ්වයෙන් පිළිතුරු