Friday, September 20, 2024

General line - 0115112241

මංගලාරාමයේ සිද්ධිය ගැන ජනපති පාර්ශ්වයෙන් පිළිතුරු




මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ කිසියම් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වන බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිඳු තහවුරු කිරීමක් සිදු කර නොතිබූ බව ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන මහතා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළා.

විහාරස්ථානවල ඇති විවිධ පිංකම් සහ උත්සව වෙනුවෙන් ආරාධනා රැසක් ලැබෙන බවත් කාලය ලැබෙන පරිදි ඒවාට ප‍්‍රමුඛස්ථානය දී ජනාධිපතිවරයා කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.

කෙසේවෙතත්  මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් ජනාධිපතිවරයාට එවැනි ආරාධනයක් හෝ කර තිබුනාදැයි අද (11) දිනයේ සොයා බලන බවයි පෞද්ගලික ලේකම්වරයා ප‍්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් උන්වහන්සේ පත්වූ තත්ත්වය පිළිබඳ කනගාටු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

උතුරු නැගෙනහිර උප ප‍්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අංපිටියේ සුමනරතන හිමියන් විසින් විහාරස්ථානයේ ඉදිකර තිබූ සමරු ඵලකයක් කඩා බිඳ දැමීමේ සිද්ධියක් ඊයේ (10) වාර්තා වුණා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් කළ විමසීමකදී ප‍්‍රකාශ කළේ අලුත්වැඩියා කළ බුදුමැදුර විවෘත කිරීම වෙනුවෙන් ඉදිකර තිබූ සමරු ඵලකය මෙලෙස කඩා දැමූ බවයි.

එය විවෘත කිරීමට ජනාධිපතිවරයාට පැමිණෙන ලෙස ආරාධනා කළද ජනාධිපතිවරයා නොපැමිණීම, ඊට හේතුව ලෙසද ප‍්‍රකාශ කෙරුණා. මඩකලපුවට ඇති එකම විහාරස්ථානය මෙය බවත් වර්ෂ 1987-88 කාල වකවාණුවේදී මෙම විහාරය මුළුමනින්ම ගිනි තබා විනාශ කර දැමූ බවත් පසුව තවමත් මෙහි අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

මෙම විහාරය ආරක්ෂා කර ගත යුතුව ඇති බවත් එසේ නොවීම පිළිබඳව කෝපයක් දුකක් ඇති බවත් පෙන්වා දුන්නා. විහාරය ආසන්නයේ බෞද්ධ පවුලක් හොයා ගන්නවත් නොමැති හෙයින් දානයවත් නොලැබෙන බවයි උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළේ.

temp www.nethfm.com1 temp www.nethfm.com2 temp www.nethfm.com3 temp www.nethfm.com4 temp www.nethfm.com5 temp www.nethfm.com6 temp www.nethfm.com7