Friday, April 26, 2024

General line - 0115112241

ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයාට අනපේක්‍ෂිත පරාජයක්




ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයා වන බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ අද (22) අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දුන්නා. ඒ, මේ වනවිට පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේදීයි.

එහිදී ඔහු පරාජයට පත්වූයේ ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 50 වන ස්ථානයේ පසුවන ජර්මනියේ මිශ්චා ස්වෙරෙව් ඉදිරියේයි.

අවසන් ලකුණු සටහන දැක්වුයේ 7 – 5 ක්, 5 – 7 ක්, 6 – 2 ක් සහ 6 – 4 ක් ලෙසයි.

ඇන්ඩි මරේ මෙවර තරගාවලියට එක්වුයේ ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාව පළමුවරට දිනාගැනිමේ අරමුණින්.

මීට පෙරද ඔහු 2009 වසරේදී ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථානයක පසුවන කී‍්‍රඩකයෙකු හමුවේ පරාජයට පත් වුණා.