Friday, April 26, 2024

General line - 0115112241

කොටුවට පැමිණි සිසුන් අරගලය නතර කළ නොහැකි බව කියයි




අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරමින් සරසවි සිසුන් පිරිසක් අදත් (23) උද්ඝෝෂණයක නිරත වුණා.

මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා පා ගමනකින් පැමිණ ඔවුන් එහිදී මෙම උද්ඝෝෂණයේ යෙදුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිසු කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ සිසු උද්ඝෝෂණවලට පහරදීමෙන් සිය අරගලය නතර කළ නොහැකි බවයි උද්ඝෝෂකයන් අවධාරණය කළේ.

සරසවි සිසුන්ගේ මව්පියන් පිරිසක්ද මීට සහභාගි වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියාසිිටියේ. මෙම උද්ඝෝෂණය හේතුවෙන් පැය කිහිපයක් කොළඹ කොටුව ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද පැවතියා.

16114586_1537124649651046_6914837694920682164_n 16114832_1537124666317711_7208249944650540940_n 16142420_1537124662984378_8788520645556676833_n 16265341_1537124079651103_5988509265283656570_n 16265439_1537124089651102_1493635583544000357_n (1) 16265439_1537124089651102_1493635583544000357_n 16266264_1537124106317767_2864060474567572454_n