Friday, April 26, 2024

General line - 0115112241

ඇමතිකමින් ඉවත් වූ ප්‍රියංකර විපක්ෂයට එයි




අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ පි‍්‍රයංකර ජයරත්න අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තා.

එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් සමග සභා ගර්භයට පැමිණි මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිලගේ අසුන අසලින් අසුන්ගත් බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් පි‍්‍රයංකර ජයරත්න මන්ති‍්‍රවරයාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් වෙන්කර තිබුණද ඔහු එහි අසුන්ගත්තේ නැහැ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ තමන් විපක්ෂයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරුන් සමග කටයුතු කරන බවයි.