Friday, April 26, 2024

General line - 0115112241

විදෙස්ගත ශ‍්‍රමික අවම වැටුප ඉහළට




විදෙස් රැකියා සඳහා පිටත්ව යන විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට යෝජනා වී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ 2017 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ජාතික අයවැය යෝජනාවලියට අනුව මෙම වැටුප් වැඩිවීම සිදුකර ඇති බවයි.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 450 ක් හා නුපුහුණු ශ‍්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 350 ක් ලෙස ඉහළ නංවා තිබෙනවා.