Friday, April 26, 2024

General line - 0115112241

ජෙයරාජ් ඝාතන නඩුව අඛණ්ඩව ඇසීමට නියෝග




මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඇතුළු පිරිස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව අපේ‍්‍රල් මස 06 වනදා සිට ගම්පහ සිවිල් අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනෙනවා. විනිසුරු ඛේමා ස්වර්ණාධිපති හමුවේ අදාළ නඩුව විභාගයට ගන්නා ලෙසයි මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු නියෝග කළේ.

2008 වසරේ අපේ‍්‍රල් මස 06 වනදා වැලිවේරිය කාන්ති ක‍්‍රීඩාංගණය අසළ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත්වුණා.