Friday, April 26, 2024

General line - 0115112241

මහ ඇමති පුටුව නිසා තමිල්නාඩු දේශපාලන පිටිය උණුසුම් වෙයි




තමිල්නාඩු මහඇමතිවරයා ලෙස කටයුතු කරන ඕ. පන්නීර් සෙල්වම් ඒ අයි ඒ ඩී එම් කේ පක‍ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කර තිඛෙනවා.

හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ගේ මන්දිරයේ ඊයේ රත්‍රියේ පැවති පක‍ෂයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි සදහන්. ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඕ. පන්නීර් සෙල්වම් විසින් ඉකුත්දා සිදුකරනු ලැබු ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ජයලලිතා ජයරාම්ගේ ස්මාරකය අසල ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ඔහු අවධාරණය කළේ තමිල්නාඩු මහඇමති ධුරයෙන් ඉවත්වන ලෙස තමාට බලපෑම් එල්ල වූ බවයි.

ඉකුත් ඉරිදා පැවති පක‍ෂයේ විශේෂ රැස්වීමකදී තමිල්නාඩු මහඇමති ධුරයට ජයලලිතාගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නඩරාජන් පත් කිරිමට තීරණය කෙරුණා.

ධුරයට ඇය යෝජනා කර තිබුණේද මහඇමති ලෙස කටයුතු කරනු ලබන ඕ. පන්නීර් සෙල්වම් විසින්.