Friday, April 26, 2024

General line - 0115112241

වැට් වාර්තාවක් ජනපති අතට




වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මගින් පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද (17) භාරදීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ අදහස මෙන්ම ඊට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිබඳවද මෙහිදි අවධානය යොමු කෙරුණු බවයි.

වැට් බදු සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා. ඉන් එක් පෙත්සමක් ගොනුකර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා විසින්. අනෙක් පෙත්සම පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා විසින් ගොනුකර තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමටද රජය ඉකුත්දා තීරණය කළා.