Saturday, April 27, 2024

General line - 0115112241

"චන්දිමාල් ක්‍රීඩා සමාජ මට්ටමට යා යුතුයි" - සනත් ජයසූරිය කියයි




දිනේෂ් චන්දිමාල් මානසික වශයෙන් ශක්තිමත් වීමට නම් ඔහු තවදුරටත් ක‍්‍රීඩා සමාජ මට්ටමෙන් ක‍්‍රීඩා කළ යුතු බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.

දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී දිගින් දිගටම අසාර්ථක වූ චන්දිමාල් පිළිබඳව ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ විදෙස් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින්.

නිමා වූ දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී ඉණිම් 12 කට ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් එහිදී රැස්කර ගෙන තිබුණේ ලකුණු 36 ක් පමණයි.

ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් දකුණු අප‍්‍රිකාව සමග පැවති අවසන් එක්දින ක‍්‍රිකට් තරග දෙකේ දී ද දිනේෂ් චන්දිමාල්ට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වුණා.

සනත් ජයසූරිය පවසන්නේ චන්දිමාල් පරිගණක දත්ත විශ්ලේෂණයකට යායුතු අතර වරදක් වී ඇත්තේ කුමන ස්ථානයේ ද යන්න සොයා බැලිය යුතු බවයි.

මාධ්‍ය මෙන්ම සමාජජාල වෙබ් අඩවි ද මේ පිළිබඳ වාර්තා කර ඇති බැවින් දිනේෂ් චන්දිමාල් ඒ සියල්ල පසෙක තබා ක‍්‍රීඩාව පිළිබඳ පමණක් අවධානය යොමුකළ යුතු බවයි සනත් ජයසූරිය පැවසුවේ.

එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානයට පෙර චන්දිමාල් සිය වැරදි නිවැරදි කර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජයසූරිය මෙහීදි වැඩිදුරටත් සඳහන් කළා.