Friday, April 26, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරු ගැන බලධාරීන්ගේ ඇස් ඇරේ




ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ සහ වාර්තා  පිළිබද නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු  බලධාරීන්ගේ අවධානය ඔවුන් වෙත යොමු වී තිඛෙනවා. 

කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක තමන් අමතා කණ්ඩායම සම්බන්ධයෙන් සහ ජයග්‍රහණ පිළිබද තොරතුරු ලබාගත් බවයි. 

මීට අමතරව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ද ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණ පිළිබද අවධානය යොමුකර තිඛෙනවා. 

ඌව පළාතෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. 

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් වර්ණ ප්‍රදානෝත්සවයෙන් දී ඇගයීමට ලක් කිරීමටයි  ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ. 

මේ අතර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලබාගත් ජයග්‍රහණ සහ ඔවුන් මුහුණදුන් අභියෝග පිළිබද නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනෙන් අද සාකච්ඡා කෙරෙනවා. 

දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි අභියෝග පිළිබදවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.