Friday, April 26, 2024

General line - 0115112241

රතන හිමි ගැන සොයන කමිටුව වැඩ අරඹයි 




පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික හෙළ උරුමය විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පිළිබඳ අද මාධ්‍ය හමුවකදී අනාවරණ වුණා. 

 

ඒ ජාතික හෙළ උරුමයේ බත්තරමුල්ල කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට ගත් තීරණය පිළිබඳව මෙම කමිටුව විසින් විමසා බලනු ඇති. 

 

ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ප්‍රමුඛ මෙම ත්‍රිපුද්ගල කමිටුවට එම් සී ජයරත්න සහ ටියුඩර් පෙරේරා යන නිතීඥවරුන්ද ඇතුළත්ව සිටිනවා. 

 

මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් අනුරුද්ධ ප්‍රදීප් පැවසුවේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

 

ජාතික හෙළ උරුමය විසින් මෙවැනි කමිටුවක් පත් කර ඇතැයි නෙත් නිවුස් ඉකුත් 18වනදා පළමු වරට අනාවරණ කළා.