Friday, April 26, 2024

General line - 0115112241

Cricinfo Awards 2016 නාම යෝජනා අතරට අපේ ක්‍රීඩකයිනුත්....




ලොව ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රිකට් වෙබ් අඩවියක් වන ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් වාර්ෂිකව සංවිධාන කරන ක‍්‍රිකට් සම්මාන සඳහා ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු නිර්දේශ වී තිබෙනවා. 2016 වසරේ දක්ෂතා ඒ සඳහා සැලකිල්ලට ගැනුණා. 

ඒ අනුව හොඳම ටෙස්ට් ඉනිම ලෙස කුසල් මෙන්ඩිස් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 176 ඇතුළත්. හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුලූ 5ක් දවාගත් රංගන හේරත්ගේ නම ද ඇතුළත් වනවා. ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ගාල්ලේදී කඩුලූ 6ක් බිඳහෙලූ ඩිල්රුවන් පෙරේරාද සම්මාන ස`දහා නිර්දේශ වී ඇති අනෙක් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයායි. 

හොඳම එක්දින පන්දු යැවීම ලෙස ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 18කට කඩුලූ 4ක් දවාගත් අමිල අපොන්සුගේ දක්ෂතාව ද නිර්දේශ අතරට ඇතුළත්. පන්දුවාර විස්ස තරගවල හොඳම පන්දු යැවීම් අතරට ඉන්දියාවට එරෙහිව ලකුණු 29කට කඩුලූ 3ක් දවාගත් ශ‍්‍රී ලංකාවේ කසුන් රාජිතගේ දක්ෂතාව ද නිර්දේශ වී තිබෙනවා. 

සම්මාන ප‍්‍රකාශය අද රාත‍්‍රියේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා නම්කර ඇති ක්‍රීඩකයින්ගේ නම් මෙතනින් බලන්න