Friday, April 26, 2024

General line - 0115112241

මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබූ ආබාධිත රණවිරුවෙක්




එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව ආබාධිත වූ රණවිරුවෙක් මෙතෙක් කිසිදු දීමනාවක් නොමැතිව ඉතා අසරණ තත්වයෙන් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

එම රණවිරුවා නමින් කේ. ජී. නිශාන්ත කුමාරයි. 2009 වසරේ පෙබරවාරී මස 25 වන දින විශ්වමඩු ප‍්‍රදේශයේ දී කේ ජී නිශාන්ත කුමාර යුද බිමේ දී තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් සහ යුද හමුදා රෝහලෙන් ද ප‍්‍රතිකාර ලැබුවා. 

මෙම රණවිරුවාගේ මව වන කේ. සිසිලියාවතී ද මෙලෙස අදහස් පළ කළා. 

2004 වසරේ යුද හමුදා සේවයට එක් වූ තම පුත‍්‍රයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දෙන ලෙසටයි ඔහුගේ පියා ඉල්ලා සිටියේ

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ මෙම රණවිරුවා ඉකුත් වසරේ 07 වන මස 14 වනදායින් පසු නොදන්වා සේවයට වාර්තා කර නොමැති බවයි.

මේ හේතුවෙන් ඔහුගේ වැටුප් ගෙවීම ගැටළුවක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

එම රණවිරුවා දෙමව්පියන් විසින් හෝ රැගෙනවිත් පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අදාළ ලිය කියවිලි කටයුතු සිදු කරන්නේ නම් කඩිනමින් ඔහුට හිමි වැටුප ලබාදීමට හැකි බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.