Friday, April 26, 2024

General line - 0115112241

විමල්ගේ කේක් ගෙඩිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි




රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (07) සිය උපන් දිනය සැමරුවා. ඒ, මන්තී‍්‍රවරුන් සහ සිය පවුලේ සාමාජිකයන්ද සමගයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උනුසුම් තත්ත්වයක්ද මතු වුණා.

එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකු වන තුෂාර ඉදුනිල් අමරසේන කියාසිටියේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ භෝජනාගාරයේදී කේක් ගෙඩියක් කපන අයුරු දැක්වෙන ඡායාරූපද මේ වනවිට අන්තර් ජාලයේ පළ වී තිබෙන බවයි.

එසේ කිරීමට හැකියාවක් තිබේ දැයි ඔහු ප‍්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පැවසුවේ අදාළ බලධාරීන්ගෙන් නිසි අවසරයක් ලබාගෙන තමන් මෙම උපන්දින සැමරුම සිදුකළ බවයි.

ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සෙසු මන්තී‍්‍රවරුන්ද මෙහිදී විවිධ අදහස් පළ කළා. සභාවේ උනුසුම් තත්ත්වයක් ඇතිවුයේ ඒ අනුව බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ. 

(විමල් වීරවංශ උපන්දිනය සමරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙයි)