Friday, April 26, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල 28 වැනිදා




2016 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබන 28 වැනිදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එම ප‍්‍රතිඵල එදින අන්තර්ජාලයටද මුදා හැරෙන බවයි. 

මේ අතර 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල වකවානුද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මස 12 වැනිදා සිට 21 වැනි දින දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වායි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20 වැනිදා පැවැත්වෙනවා.