Friday, April 26, 2024

General line - 0115112241

කොටි කතක් වැල්ලවායෙන් අල්ලයි




එල්.ට්.ට්.ඊ සංවිධානයේ පුර්ණ කාලීන සමාජිකාවක්ව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගත්බව වැල්ලවාය පොලිසිය පවසනවා.

සැකකරුවන් වැල්ලවාය කොටවෙහෙර මංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

හිටපු කොටි සාමාජිකාව එම සංවිධානයේ පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කර ඇති බව පොලිසිය පවසනවා.

අදාළ හිටපු කොටි සාමාජිකාව සේවයේ නිරත යුද හමුදා සෙබලෙකු දැන හැඳිනගෙන ඇති අතර පසුව ඔහු විසින් ඇයට නවාතැන් පහසුකම් දී තිබෙනවා.

මෙම යුද හමුදා සෙබලා සහ ඔහුගේ බිරිඳට දරුවන් නොමැති නිසා හිටපු කොටි සාමාජිකාව ලවා දරුවෙකු හදා ගැනීමට දෙදෙනාම කැමැත්තෙන් සිට ඇති බවයි පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර දසදහසක් ලබා දීම වෙනුවෙන් වැල්ලවාය මහජන ක‍්‍රීඩාංගණයට පැමිණි අතර එහිදී ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත අදාළ හිටපු කොටි සාමාජිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු කොටි සාමාජිකාව පුනරුත්ථාපනය ලැබූ සාමාජිකාවක් බවත් සඳහන්.

කෙසේවෙතත් මේ වන විට ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.