Friday, April 26, 2024

General line - 0115112241

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනයේදි විරෝධතා




යුද අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට විදේශ විනිසුරුවරුන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් කර ගත යුතු බවට ඉල්ලමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් අද (03) යාපනයේදී විරෝධතාවක නිරත වුණා.

අදාළ ඉල්ලිම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. 

යුද සමයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් අවුරුදු 02ක් මෙරට රැදී සිටීමට කාලය ලබා දීම වෙනුවෙන් තමන් විරුද්ධ වන බවද ඔවුන් ප‍්‍රකාශ කළා. 

අතුරුදන් වූවන්ගේ ජාතීන්ගෙන් කියා සිටියේ වසර දෙකකට අධික කාලයක් තම ගැටලූව සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වීම කණගාටුවට කරුණක් බවයි.