Friday, April 26, 2024

General line - 0115112241

බස්නායක නිළමේ ඇත් දළවල බලපත්‍ර පෙන්වයි




තම නිවසේ තිබී සොයා ගත් ඇත් දළ යුගළට නිසි බලපත‍්‍රයක් තිබෙන බව මහනුවර ඓතිහාසික ශ‍්‍රි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු බණ්ඩාර වළිසුන්දර පවසනවා.

ඔහු සඳහන් කළේ අද (20) පෙරවරුවේ වන ජිවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් තම නිවස හදිසි පරීක්ෂාවට ලක් කළ බවයි.

එහිදී තමන් සතු ඇත් දළ යුගළට හිමි බලපත‍්‍ර සහතිකය ඉදිරිපත් කළ බවයි බස්නායක නිළමේවරයා සඳහන් කළේ.

අදාළ ඇත් දළ යුගලය තමන්ට පාරම්පරිකව හිමි වූ එකක් බවද බස්නායක නිලමේවරයා මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.