Friday, April 26, 2024

General line - 0115112241

ආරක්ෂක අංශ තවදුරටත් ශක්තිමත් කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙනවා - චින ආරක්ෂක අමාත්‍යවරයා




ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙන බව චින ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන් වන්ක්වාන් පවසනවා. 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

චීනයේ දිගු කාලින මිත‍්‍ර රාජ්‍යයක් වන ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සඳහා පුහුණු ඉඩ ප‍්‍රස්ථා තාක්ෂණික දැනුම සහ යුද උපකරණ තවදුරටත්  ලබා දිමට තම රජය සූදානම් බවයි චීන ආරක්ෂක අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. 

දශක කිහිපයක සිට චීන සමූහාණ්ඩුව ශ‍්‍රි ලංකාවේ ආර්ථික සහ ආරක්ෂක අංශය දියුණු කිරීමට සහයෝගය ලබා දී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙහිදී ප‍්‍රකාශ කළා. එම සහාය අගය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

මෙරට ආරක්ෂක අංශ තවදුරටත් ශක්තිමත් කිරීමමට කොන්දේසි විරහිතව සහාය ලබා දීමට ප‍්‍රතිඥා දීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා චීන රජයට ස්තුතිය පළ කළා.